චීනයට එරෙහි නිව්යෝර්ක්-ලන්ඩන්-ටෝකියෝ අක්ෂය…

0
299

ඇමෙරිකා, ඕස්ටේ්‍රලියා සහ ජපන් ආරක්ෂක අමාත්‍යවරුන්ගේ හමුවක් පසුගිය දා ඇමෙරිකාවේදී පැවැත්විණි.

එම හමුවට පාදක වූයේ චීනයයි. චීනයේ තර්ජනවලට මුහුණ දීමට නව ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට ඇමෙරිකා, ඕස්ටේ්‍රලියා සහ ජපන් ආරක්ෂක අමාත්‍යවරු එකග වූහ.

‘තායිවාන සමුද්‍ර සන්ධියේ පමණක් නොව, අවට මුහුදු කලාපයේ චීනයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අපට සෑහීමකට පත් වෙන්න විදියක් නැහැ. චීනයේ චණ්ඩිකම් දැක දැක අපට නිහඬව ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අප අපගේ හමුදා සහයෝගීතා තවත් වැඩි කරගන්න තීරණය කළා’ යැයි ඇමෙරිකන් ආරක්ෂක ලේකම් (ඇමැති) ලොයිඞ් ඔස්ටින් පැහැදිලි කර තිබේ.

ආරක්ෂක අමාත්‍යවරුන්ගේ හමුව, ලොයිඞ් ඔස්ටින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූයේ පැසිෆික් සාගර කලාපය සඳහා පිහිටවූ ඇමෙරිකන් හමුදා මූලස්ථානයේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here