Thursday, January 23, 2025

චීනයට සත පහක්වත් ජනතාවගේ මුදල් නොගෙවිය යුතුයි.වැරැද්ද කරපු අයගෙන් එම මුදල් අයකරගන්න – හිටපු ජනපති කියයි

චීන පොහොර නැව පිලිබදව මතුව ඇති ගැටලුවේදි අදාල චීන සමාගමට ශ්‍රී ලංකා ජනතාවගේ මුදලින් කිසිදු මුදලක් නොගෙවිය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.එතුමා මේ බව ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැවති වැඩමුළුවකින් අනතුරුවය.

තවදුරටත් මාධ්‍යයට අදහස් දක්වමින් එතුමා කියා සිටියේ මෙම පොහොර ලංකාවට ගෙන්විමට සුදුසු යැයි නිර්දේශ කල නිලධාරින් හෝ දේශපාලකයන් පිළිබදව රටට හෙළිදරව් කල යුතු බවත් අදාල වැරැද්ද සිදු කල පුද්ගලයන්ගේ චීන සමාගමට ගෙවිය යුතු මුදල් අයකරගත යුතු බවත්‍ ය.

එමෙන්ම එහිදි මාධ්‍යවේදියෙකු හිටපු ජනාධිපතිවරයාගෙන් ගෑස් පිළිබදව ඇති වි තිබේන ගැටලුව පිලිබදව විමසු අතර 2015 සිට ගෑස් පිපිරිම් සිදු බවත් මාධ්‍යවේදියා හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේය.එයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසුයේ 2015 සහ 2019 කාල වකවානුව සිදු වු දේවල් නොකිරිමටත් අලුත් දේවල් කිරිමට මෙම රජය බලයට පත් වු බවත් 2015-2019 මෙලෙස ගෑස් පිපිරිම් වර්තා නොවු බවත් එතුමා වැඩි දුරටත් සදහන් කර සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles