Friday, January 24, 2025

චීනයෙන් කාබනික පොහොර ගෙන්විම නවතා නෑලු – අලුත්ම නිවෙිදනය

චීනයෙන් කාබනික පොහොර ගෙන්වීම අත්හිටුවීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති අතර අහිතකර බැක්ටීරියා සහිත සාම්පල් එවූ චීන සමාගමෙන් පොහොර මිලදී ගැනීම පමණක් අත්හිටුවා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා නිවෙිදනයක් මගින් අවධාරණය කරයි.

අදාල නිවේදනය මෙසේය.

හදිසි නිවැරදි කීරිමයි

චීනයෙන් කාබනික පොහොර ආනයනය නතර කරන බවට කෘෂිකර්ම අමති කියයි යන සිරස්තලය යටතේ අප විසින් යොමු කර ඇති මාධ්‍ය නිවෙිදනයේ සදහන් වන්නේ ච්නයේ සමාගමක් විසින් එවා ඇති සාම්පල්වල  අහිතකර  බැක්ටීරියාවන් ඇති බව පරීක්ෂණ වලදී තහවුරු වී ඇති බැවින් එම සමාගමෙන් කාබනික පොහොර ආනයනය නොකරන බවය.

එ අනුව චිනයෙන් කාබනික පොහාර ආනයනය නතර කීරිමට රජය තින්දුවක් ගෙන නොමැති බවද එවැනි ප්‍රකාශයක් කෘෂිකර්ම අමාත්‍යවරයා සිදු කර නැති බවද මෙහිලා සදහන් කරන අතර අප ගේ මාධ්‍ය නිවේදනයේ චිනයෙන් පොහොර ආනයනය නතර කරන බවට සදහන් වැකිය චීන සමාගමෙන් පොහොර ආනයනය නතර කරන බවට කෘෂිකර්ම අමති කියයි යනුවෙන් නිවැරදි විය යුතු බවද කාරුණිකව දන්වමි

මේ නිසා ඔබට යම් අපහසුතාවක් සිදු වුයේ නම් බෙහෙවින් කණගාටු වෙමි.

ජයසූරිය උඩුකුඹුර
ගරු අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles