Sunday, September 8, 2024

චීනයෙන් යළිත් වරක් කොරෝනා මතුවෙයි

මාස 7 කට පසු චීනයේ බෙයිජීං අගනුවරින් යළිත් වරක් ‘කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තාවීමට පටන්ගෙන ඇත.

ඒ අනුව, ආසාදිතයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් කඩිනමින් සොයා ගැනීමට විශේෂ මෙහෙයුම් ආරම්භ වී ඇති බවත් හමුදා සහාය ද සෞඛ්‍ය බලධාරීන්ට ලැබෙන බවත් වාර්තා වේ.

බෙයිජීං ආසාදිතයන් වාර්තා වීම ආරම්භ වූ බව පැවැසෙන්නේ අගනුවරට පැමිණි දේශීය සංචාරකයන් පිරිසකගෙන් යැයි ද මේ වනවිට තහවුරු වී අවසන්ය.

ඒ අනුව, ගුවන් ගමන් බිමන් සිය ගණනක් අවලංගු කිරීමටත් පාසල් සහ කාර්යාල කඩිනමින් වසා දැමීමටත් පියවර ගෙන තිබේ. මේ වනවිට බෙයිජීං අගනුවර ක්‍රියාත්මක වන්නේ අත්‍යාවශ්‍ය සේවා පමණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles