Friday, October 18, 2024

චීනයෙන් රුපියල් බිලියන 25.5ක මූල්‍ය ප්‍රදානයක්

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ගේ මෙරට සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රදානයක් සිදුකිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් සඳහා දායකත්වය ලබාදීමට එකඟ වී තිබේ.

එහිදී ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 25.5ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකිරීම ඇතුළු ව්‍යාපෘති 4ක් සිදුකිරීමට චීන විදේශ අමාත්‍ය වැන්ග් යී එකඟ ව ඇත.

මෙි බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ එහිදී ව්‍යාපෘති 4ක් සිදුකිරීමට රුපියල් බිලියන 25.5ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන බවයි.

එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ BMICH අලුත්වැඩියාව, වකුගඩු රෝගීන් හඳුනාගැනීම පහසු කිරීමේ උපාංග සහිත ගිලන් රථ සැපයීම, කොළඹ සිටින අඩු ආදායම්ලාභීන් සඳහා අඩු ආදායම් ලාභීන් සඳහා නිවාස ඒකක 1996ක් ඉදිකිරීම පිළිබඳ ගිවිසුම් ඒ අතර වන බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles