Thursday, December 26, 2024

චීනයේ ආර්ථික වර්ධන වේගය පහළට


චීනයේ ආර්ථික වර්ධන වේගය පහළට
චීනයේ ආර්ථික වර්ධන වේගය 2022 වසරේදී තවදුරටත් පහළ යමින් 5.5% කටත් වඩා අඩු අගයක් ගනු ඇති බවට ලෝක බැංකුව විසින් පුරෝකතනයක් කර තිබේ.

එය ප්‍රධාන වශයෙන් නිෂ්පාදන අපනයන ආර්ථිකයක් මත යැපෙන රාජ්‍යයක් විසින් පසුගිය පනස් වසරක කාලය තුළ වාර්තා කරන අවම ආර්ථික වර්ධන වේගය වන බව පැවසේ.

ඇමරිකාව සමග පසුගිය වසර හතරක කාලය තුළ සිදුකළ වෙළෙද යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ආනයන තීරු බදුවලින් ඇමරිකානු ඩොලර් බිලියන 550 ක සම්පූර්ණ අලාභයක් චීනයට සිදුව ඇති බව සදහන් වේ.

ඕස්ට්‍රේලියාව සමග පවතින දේශපාලන අර්බුද හේතුවෙන්, චීනය 2020 සිට ඕස්ට්‍රේලියානු ගල් අඟුරු, සීනි, බාර්ලි, පොකිරිස්සන්, වයින් සහ තඹ ආනයනය කිරීම නවතා දමා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස චීනයට ඕස්ට්‍රේලියානු වෙළෙද පළේ සැළකිය යුතු පරිමාවක් අහිමිව තිබේ.

මෙවැනි කුණු මත චීනයේ ආර්ථික වර්ධන වේගයේ පසුබෑම තීව්‍ර වී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles