චීනයේ උයිගුර් දඩයම අඛණ්ඩව

0
343
A woman holds a Uyghur flag at a rally during China's Foreign Minister Wang Yi's visit in Berlin, Germany September 1, 2020. REUTERS/Michele Tantussi - RC2JPI99QCEH

චීන බලධාරීන් ෂින්ජියෑන්ග් පළාතේ ජීවත් වන උයිගුර් ජාතිකයන්ට එරෙහිව සිදුකරන මර්දනය වේගවත් සහ පුලුල් කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

නම හෙළි කිරීමට අකමැති උයිගුර් ජාතිකයන් පිරිසක් උපු‍ටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔවුන්ගේ රැස්වීමේ නිදහස චීන බලධාරීන් විසින් දැඩි ලෙස උල්ලංඝනය කර ඇති බවයි.

සියයක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් යම් උත්සවයක් හෝ ක්‍රියාකාරකමක් පැවැත්වුවහොත් එම සිය දෙනාම අත්අඩංගුවට ගෙන රදවා ගන්නා තරමට මෙම මර්දනය ප්‍රබල බව ද එම පුද්ගලයන් සදහන් කර තිබේ.

එසේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට අමානුෂික ලෙස පහරදීම, වධහිංසා කිරීම වැනි ක්‍රියාවලට ගොදුරුවීමට සිදුව ඇති බවට ද අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඇතැම් මානව හිමිකම් සංවිධානවල වාර්තාවලට අනුව 2017 සිට මේ දක්වා කාලය තුළ චීනය විසින් උයිගුර්වරුන් මිලියන දෙකක් පමණ අතරමැදි කදවුරුවල රදවාගෙන සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here