චීනයේ ඩීසල් නිකුත් කිරීම සලාක ක්‍රමයකට

0
294

ඉහළයන මිල සහ සැපයීම් ගැටලු හේතුවෙන් චීනයේ බොහෝ ප්‍රදේශවල ඩීසල් නිකුත් කිරීම සලාක ක්‍රමයට සිදුකෙරෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

චීන සමාජ මාධ්‍ය සඳහන් කළේ සමහර ට්‍රක් රථ රියදුරන්ට ඩීසල් ලබා ගැනීම සඳහා දිනයක් පමණ රැඳී සිටීමට සිදුව ඇති බවය.

මේ වනවිට චීනය පුරා දැඩි විදුලි අර්බුදයක් නිර්මාණය වී ඇත. විශේෂයෙන් ම ස්වාභාවික ගෑස් සහ ගල් අඟුරු සැපයුමට බාධා ඇතිව තිබේ.

ඒ හේතුවෙන් කර්මාන්ත ශාලා විශාල ගණනක් වසා දමා ඇති බවත් නිවෙස් සඳහා විදුලිය සැපයීම අඩපණ වී ඇති බවත් සඳහන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here