ට්විටර් සමාජ ජාලය තහනම් කර ඇති චීනයේ,ඒ වෙනුවට ඒ හා සමාන චීනය පදනමි කරගත් එරට රජයේ සුපරීක්ෂණයට යටත් සමාජ ජාලයක් ක්රියාත්මක වනවා.
සිනො වෙයිබෝ නම් වන එම සමාජ ජාලය චීන ජනතාව අතර ඉමහත් ජනප්රියත්වයක් හිමි කරගෙන සිටිනවා.
පසුගියදා සිනො වෙයිබො ජාලය එහි ඉමහත් ජනප්රියත්වයක් හිමි කරගෙන සිටින චරිත 145 ක පමණ ගිණුම් වසා දැමීමට කටයුතු කළා.
මෙම ගිණුම් ගායන, වාදන,නිරෑපණ ආදි ක්ෂේත්ර ගණනාවකට සම්බන්ධ ජනප්රිය අන්තර්ජාල චරිත රැසකට අයත් ඒවායි.
මහජන සාමයට සහ ජාතික ඒකාබද්ධතාව හානි කිරීම, වෙනස්කොට සැලකීම සහ නීති විරෝධී රැස්වීම් සදහා ජනතාව පෙළඹවීම,විවිධ පුද්ගලයන්ට බැණවැදීම ආදි කරැණු පදනම් කරගෙන මෙම ගිණුම් වසා දමා ඇති බව එම සමාජ ජාලය සදහන් කරනවා.
කෙසේවෙතත්, එහි සැබෑ හේතුව වන්නේ මෙම අන්තර්ජාල තරැ සිය ගිණුම් හරහා චීන රජයටත්, කොමියුනිස්ට් පක්ෂයටත්, එහි ක්රියාකාරකම්වලටත් එරෙහිව අදහස් දැක්වීම බවයි.