Tuesday, November 19, 2024

චීනයේ තවත් කලාපයක කෝවිඩ් පැතිරීම ඉහළට

චීනයේ ස්වයං පාලන කලාපයක් වන අභ්‍යන්තර මොංගෝලියාවේ ප්‍රදේශ ගණනාවක කොවිඩ්-19 වසංගතයේ දැඩි පැතිරීමක් හටගෙන ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් වෛරසයට නිරාවරණය වූ යැයි සැලකෙන 700,000 කට ආසන්න සංඛ්‍යාවක් සෞඛ්‍ය බලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කර ඇතැයි ද පැවසේ.

මේ අතර මෙම තත්ත්වය පාලනය කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් අභ්‍යන්තර මොංගෝලියාවේ කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන් ගණනාවක් සේවයෙන් පහ කර තිබේ.

Hohhot හි රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ පක්ෂ කමිටුවේ ලේකම්වරයා වන Wang Zhiqiang , එම දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ දෙකක නියෝජ්‍ය ප්‍රධානීන් වන He Lingling සහ Wen Yan මෙසේ ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කර ඇතැයි විදෙස් වාර්තා පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles