Monday, November 18, 2024

චීනයේ නගර කිහිපයක කොවිඩ් අවදානම් තත්ත්වයක්

දිනෙන් දින ඉහ‍ල යන කොවිඩ් ආසාදන සැලකිල්ලට ගනිමින් චීනයේ නගර කිහිපයක කොවිඩ් අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

 චීනයේ ‘චන්ද්‍ර‘ අලුත් අවුරුදු සැමරුම යෙදී ඇත්තේ පෙබරවාරි 01වැනි දිනටය. එහෙත් එරටින් වසර දෙකක් තුල වාර්තා වූ ඉහලම දෛනික ආසාදිතයින් සං‍ඛ්‍යාව ඊයේ වාර්තා වී ඇත. ඒ අනුව නව ආසාදිතයින් 223දෙනෙකු හදුනාගෙන තිබේ. 

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් බීජිං ඇතු‍‍ළු අතිශය ජනාකීර්ණ නගර කිහිපයක අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි සදහන් වේ. 

එසේම බලධාරීන් ජනතාවට නියෝග කර ඇත්තේ අත්‍යවශ්‍ය නොවන හේතුවක් මත උත්සව සමයේ වෙනත් ප්‍රදේශ වෙත ගමන් නොකරන ලෙස ය. 

එසේම අත්‍යවශ්‍ය නොවන හේතුවක් මත උත්සව සමයේ වෙනත් ප්‍රදේශ වෙත ගමන් නොකරන ලෙස ද බලධාරීන් ජනතාවට නියෝග කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles