චීනයේ පළමු ඔමික්‍රෝන් ආසාදිතයා වාර්තා වෙයි

0
291

පසුගිය 9 වනදා විදේශයක සිට පැමිණි පුද්ගලයෙකුට Omicron නව විකෘති වෛරසයක් ආසාදනය වී ඇති බව තහවුරු වූ බව චීනයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

Omicron ප්‍රභේදය චීනයෙන් තහවුරු වූ පළමු අවස්ථාව මෙයයි.

එම ආසාදිතයා විදෙස් රටක සිට එරටට පැමිණ ඇති පුද්ගලයෙකු වන අතර, ආසාදිතයා පැමිණ ඇත්තේ කුමන රටේ සිටද යන්න තවම හෙළි කර නොමැත.

එම පුද්ගලයා මේ වන විට ස්වයං නිරෝධයනය වෙමින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

ආසාදිතයා හමුවී ඇති චීනයේ තියෑන්ජින් ප්‍රදේශයෙන් වන අතර, මේ වන විට එම ප්‍රදේශයට දැඩි සීමා පනවා තිබේ.

ලබන වසරේ පෙබරවාරි මාසයේදී බීජිං ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතව ඇති අතර, නව ඔමික්‍රෝන් වෛරසය පැතිරීම සම්බන්ධයෙන් චීනය වඩාත් සුපරීක්ෂාකාරී වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here