චීනයේ පාසල් පුස්තකාලවලින් බටහිර පොත් හැලෙයි.

0
464

චීනයේ ප්‍රාථමික සහ ද්විතීය පාසල් පුස්තකාලවල ඇති බටහිර දේශපාලන ,ආර්ථික සහ සමාජීය අදහස් දැක්වෙන පොත් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ජපානයේ පළවන,නිකෙයි ඒෂියා පුවත්පත වාර්තා කර ඇත්තේ පසුගිය අප්‍රේල් 01 වනදා සිට මෙම තීරණය ක්‍රියාත්මක බවයි.

අදාළ කරැණු ඇතුළත් පොත් වෙනුවට චීනය සහ චීනයේ දේශපාලන දර්ශනය ,සංස්කෘතිය පිලිබද කරැණු ඇතුළත් පොත් පමණක් එම පුස්තකාලවල පවත්වා ගත යුතු බවට නියෝග පනවා ඇතැයිද සදහන් වේ.

නිකෙයි ඒෂියා පුවත්පතට අනුව බිල්ගේට්ස් ,ස්ටීව් ජොබ්ස් වැනි බටහිර ව්‍යවසායකයන්ගේ ජීවිතවල දියුණුව දක්වමින් ලියූ ධනාත්මක චින්තන කරැණු ඇතුළත් පොත් පවා මෙම තහනමට හසුව ඇතැයි සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here