Sunday, January 12, 2025

චීනයේ පොහොර නැව නම වෙනස් කරමින් ලංකාවට ඇතුළු වෙයි ?

චීනයේ චින්දාඕ සී වින් බයෝටෙක් සමාගමේ නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර සාම්පල අවස්ථා දෙකකදී පරික්ෂා කල මෙරට ශාක නිරෝධායන සේවය ඒවායේ අහිතකර බැක්ටීරියා ඇතැයි තහවුරු කලේය.

ඒ නමුත් සැප්තැම්බර් 23 වැනි දින චීනයේ චින්දාඕ වරායෙන් හිපෝ ස්ප්‍රිට් නැමති නැව පොහොර මෙට්‍රික් 20,000ක් රැගෙන කොළඹ වරාය බලා ගමන් ආරම්භ කර තිබුණි. මේ අතර අහිතකර බැක්ටීරියා හේතුවෙන් මෙම පොහොර මිලදී ගැනීම කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කල අතර නැව වරායට ඇතුලත් කර නොගන්නා ලෙසට අධිකරණ නියෝගද ලැබිණි.

නමුත් මේවනවිට හිපෝ ස්ප්‍රිට් නැව එහි නම සෙයියෝ එක්ස්ප්ලෝර් ලෙස වෙනස් කර ශ්‍රී ලංකාවේ හම්බන්තොට ආසන්න කුඩා රාවන හා මහා රාවන ප්‍රදීපාගාර සමීපයේ යාත්‍රා කරමින් තිබෙන බව වාර්තා වෙයි.

කෙසේ නමුත් නැවේ නම වෙනස් කලද එහි ජාත්‍යන්තර හඳුනාගැනීම් අංකය වෙනස් කල නොහැකි නිසාවෙන් නැව තවදුරටත් හඳුනා ගත හැකියි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කරනුයේ නැව රට තුලට ඇතුළු කර නොගන්නා බවත් එහි සාම්පල පරික්ෂා නොකරන බවත්ය. නමුත් චීනයේ චින්දාඕ සීවින්ග් බයෝ ටෙක් සමාගම නිවේදනය කරනුයේ තුන්වන පාර්ශවයක් මගින් මෙය නැවත පරික්ෂා කල යුතු බවකි.

නමුත් මහාචාර්ය බුද්ධි මාරඹේ විසින් සඳහන් කර සිටිනුයේ දෙවතාවක් අසාර්ථක වූ පොහොර නැවත පරික්ෂා කිරීම අනව්‍ය්‍ය කරුණක් බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles