ෂැංහෙයි පිහිටි ඩිස්නිලන්තය වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර ඇත. ඒ ඩිස්නිලන්තයේ සංචාරයක නිරවත වූ කාන්තාවක් ආපසු සිය නිවසට පැමිණීමෙන් අනතුරැව කොවිඩ් 19 අසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වීමෙන් අනතුරැවය.
ඒ පිළිබඳ එම කාන්තාව විසින් අදාළ බළධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරැව ෂැංහෙයි ඩිස්නිලන්තය දින කිහිපයකට වසා දැමීමට තීරණය කර ඇත. ඩිස්නිලන්තය සංචාරකයින් සඳහා නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිත බව ෂැංහෙයි බලධාරීන් පවසනවා.
එමෙන්ම මෙම ස්ථානයට පැමිණි 30,000කට අධික පිරිසකට කොවිඩ් පරික්ෂාව සඳහා යොමුවන ලෙසට උපදෙස් දී තිබෙන බවද විදෙස් මාධ්‍ය වර්තා සඳහන් කරනවා.