Saturday, September 21, 2024

චීනයේ සිනොවැක් එන්නත ඔිස්ට්‍රේලියාව පිළිගන්නා බව නිවේදනය කරයි

චීන ඖෂධ සමාගමක් වන සීනොවැක් විසින් සකස් කරන ලද කොවිඩ් -19 එන්නත නියමිත තක්සේරුව අවසන් කිරීමෙන් පසුව ඔස්ට්‍රේලියාව නිල වශයෙන් ලැයිස්තුගත කරමින් පිළිගත් එන්නතක් ලෙස නිවේදනය කළේය.

ගෝලීය වශයෙන් භාවිත කරන නමුත් ඔස්ට්‍රේලියාවේ මෙතෙක් ලියාපදිංචි නොකළ සීනොවැක් කොවිඩ් -19 එන්නත් හඳුනා ගැනීම පිළිබඳව එරට නියාමකයන් වන චිකිත්සක භාණ්ඩ පරිපාලනය සිය උපදෙස්වල සඳහන් කර තිබුණේ, චීන එන්නත මගින් රෝග ලක්ෂණ ආසාදනයට එරෙහිව 64%ක කාර්යක්ෂමතාවක් සහ රෝහල් ගත කිරීමට එරෙහිව 90%ක කාර්යක්ෂමතාවක් පෙන්නුම් කළ බවයි.

ඒ අනුව සීනොවැක් එන්නත ඔස්ට්‍රේලියාවේ පිළිගත් එන්නතක් ලෙස ඇතුළත් කිරීමෙන් අදහස් කරන්නේ නොවැම්බර් මාසයේ සිට සිය ජාත්‍යන්තර දේශසීමා නැවත විවෘත කරන විට චීන ජාත්‍යන්තර සිසුන් 80,000කට අධික සංඛ්‍යාවකට ඔස්ට්‍රේලියාව තුළ අධ්‍යාපනය ලැබීමට ඉඩ සැලසෙන බව යැයි සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත්පත සඳහන් කළේය.

අග්නිදිග ආසියාවේ රටවලට චීනය මිලියන සිය ගණනක් කොවිඩ් -19 එන්නත් මාත්‍රාවන් ලබා දී ඇති බව සලකන විට, මෙම පියවර මගින් අග්නිදිග ආසියාවේ සිටින ජාත්‍යන්තර සංචාරකයන්ටද පහසුවෙන් ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට හැකි බව අඟවනු ඇති බව චීන මාධ්‍ය පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාව 80%ක එන්නත් සීමාවට ළඟා වූ බැවින්, එරට ජාත්‍යන්තර දේශ සීමා නොවැම්බර් මාසයේ සිට රාජ්‍ය මට්ටමින් විවෘත කිරීමට නියමිතව ඇති බව අගමැති ස්කොට් මොරිසන් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles