Monday, January 13, 2025

චීනය අන්තර්ජාතික ව්‍යාජ පුවත් මෙහෙයුමක.

චීනය විසින් ලෝකයම ආවරණය වන පරිදි දුස්තොරතුරැ හෙවත් ව්‍යාජ පුවත් පතුරැවා හැරීමේ මෙහෙයුමක නිරත වන බවට හොංකොං පෝස්ට් වාර්තාවක දැක්වේ.

එහි දැක්වෙන ආකාරයට චීනයේ සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ න්‍යාය පත්‍රයට අනුව අන්තර්ජාතික තත්වයන් හැසිරවීම සදහා මෙම ව්‍යාපෘතිය දියත් කර තිබේ.

චීනය ටිවිටර් සහ ෆේස්බුක් වැනි ලෝකයේ ජනප්‍රියතම සමාජ මාධ්‍ය තහනම් කර තිබුණද සිය දුස් තොරතුරු ව්‍යාප්තිය සදහා ඒවා බහුලව භාවිතා කරන බව අදාළ වාර්තාව මගින් වැඩිදුරටත් අනාවරණය කර ඇත.

ඔක්ස්ෆර්ඩ් අන්තර්ජාල ආයතනය මගින් සිදුකළ පර්යේෂණයකදී හෙළිවී ඇත්තේ ටිවිටර් ගිණුම් 26,000ක්, යුටියුබ් නාලිකා 10,000ක් පමණ මෙම ව්‍යාපෘතිය සදහා යොදාගෙන ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles