චීනයේ ගුරුවරුන් දහස් ගණනින් නෙරපයි.

0
397

රටේ නීති රීති සහ සදාචාරාත්මක පරාමිතීන් උල්ලංඝණය කිරීම හේතුවෙන් චීනය විසින් 2021 වර්ෂයේ දී විදේශිකයන් ඇතුළු ගුරුවරුන් දහස් ගණනක් අධ්‍යාපන ආයතනවලින් නෙරපා හැර තිබේ.

ග්ලෝබල් ටයිම්ස් පුවත්පතට අනුව, Xi’an Qujiang Kang Chiao ජාත්‍යන්තර පාසල විසින් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී විදේශ ගුරුවරයෙකු සේවයෙන් පහ කර ඇත්තේ වසංගතය වැළැක්වීම‍‍ට අදාළව ‘නුසුදුසු පුද්ගලික හැසිරීම’ නිසා බව සදහන් කරමිනි.

මේ අතර 2021 වසරේදී රජයේ ගුරුවරුන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපන ආයතනවලින් නෙරපා හැර ඇති බව ද චීන මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන් සැලකිය යුතු සංඛ්‍යාවක් ඉවත් කර ඇත්තේ ඔවුන්ගේ සදාචාරාත්මක ගැටලු හේතුවෙන් බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තාවල දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here