චීනය තවත් මානව හිමිකම් නීතිඥයෙකු සිරගත කරයි.

0
263

චීනය විසින් එරට තවත් මානව හිමිකම් නීතිඥයෙකු අත්අඩංගුවට ගෙන සිරගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මධ්‍යම චීනයේ හුනාන් ප්‍රාන්තයේ දී මෙළෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ෂී යැන්ග් නම් නීතිඥවරයෙකි.

රාජ්‍ය විරෝධී අදහස් පැතිරවීම සහ රාජ්‍ය විරෝධී ක්‍රියා සදහා ජනතාව පෙළඹවීම යටතේ ජනවාරි මාසයේ සිට රදවාගෙන සිටි ඔහුව පෙබරවාරි මස 17 වනදා සිට නිල වශයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.

ඔහුගේ මිතුරෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණේ කොමියුනිස්ට් පක්ෂ බලධාරීන්ගේ කටයුතු හේතුවෙන් මානව හිමිකම් කඩවීමට ලක්ව සිටි ගුරැවරයෙකු ඇතුළු පිරිසකට සහය පළකිරීම මෙම අත්අඩංගුවට ගැනීමට හේතුව බවයි.

මෙම නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු නීතිඥවරයෙකුට අවස්ථාවක් ලබාදී නැති බවත් ඔහුගේ පවුලේ අයට පවා ඔහු බැලීමට අවස්ථාවක් ලබා දී නැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here