Thursday, December 26, 2024

චීනය මට්ටු කරන්න ඇමෙරිකාව ඉන්දීයාව සමග ආරක්ෂක ගිවිසුම් ගසයි

ඇමෙරිකා එක්සත් ජනපදය හා ඉන්දියාව දෙරට අතර ආරක්ෂක හා හමුදා පහසුකම් හුවමාරු කර ගැනීම සඳහා වන ගිවිසුමක් ඊයේ (29) දිනයේදී අත්සන් තබා ඇත.

මෙම ගිවිසුම මගින් ඇමෙරිකාවට හා ඉන්දියාවට දෙරටේ භූමිය, ගුවන් හා නාවික කඳවුරු මෙන්ම ප්‍රහාරක යාන හා ප්‍රහාරක නෞකා සඳහා පහසුකම් සැපයීටම එකඟතාවය පළකර ඇති බව පැවසේ. ඇමෙරිකාවේ තෙදින නිල සංචාරයක නිරත ඉන්දීය ආරක්ෂක ඇමතිවරයා එම සංචාරය අතරතුරදී . ඉන්දීය ආරක්ෂක අමාත්‍ය මනෝහර් පරික්කාර් හා ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ඈෂ් කාටර් දෙදෙනා වොෂින්ටන්හිදී මෙම ගිවිගිවිසුමට අත්සන් තබා ඇත.

‘LEMOA’ලෙස හඳුන්වාදී ඇති මෙම ගිවිසුම අත්සන් කර ගැනීම වෙනුවෙන් ඇමෙරිකාව වසර ගණනාවක් උත්සාහ දරා ඇති බව පැවසේ. ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ සමුද්‍රීය ආරක්ෂාව සහ නාවික ගමනාගමනයේ නිදහස තහවුරු කිරීම සඳහා මෙම ගිවිසුම අත්සන් කළ බවයි.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වන විචාරකයින් පෙන්වා දෙන්නේ ලෝකය තුළ නැගී එන බලවතා බවට පත්ව සිටින චීනයට බලපෑම් එල්ල කිරීම සඳහා අසල්වැසි ඉන්දියාව යොදා ගැනීම වෙනුවෙන් මෙවැනි ගිවිසුමකට ඇමෙරිකාව එළඹී ඇති බවයි.

විශේෂයෙන්ම ඇමෙරිකාවට අභියෝගයක් වන ආකාරයට මේ වනවිට චීනය සිය ආරක්ෂක ශක්තිය වැඩිදියුණු කරමින් තිබේ. පසුගියදා චීනය හැකර් ප්‍රහාරයන්ට හසුකර ගත නොහැකි ආකාරයේ නවීන චන්ද්‍රිකාවක් ගුවන්ගත ක‍ළේය. දකුණු ආසියානු කලාපය තුළ ඇමෙරිකානු ආධිපත්‍ය තහවුරු කර ගැනීම සඳහා මෙම ගිවිසුම උපයෝගී කර ගැනීමේ සූදානමකින් පසුවේ.

මෙම ගිවිසුම තුළින් කලාපය තුළ ඇති දේශපාලන ස්ථාවරභාවයට හා රටවල් අතර ඇති සහයෝගයට දැවැන්ත බලපෑමක් එල්ල වන අතර මතභේදාත්ම දකුණු චීන මුහුදේ දූපත් අයිතිය සම්බන්ධයෙන් මේ වනවිටත් චීනය සමග අග්නිදිග ආසියානු රටවල් මතභේද හටගෙන ඇති අතර ඒ පිටුපස ඇමෙරිකානු වුවමනා ක්‍රියාත්මක වන බවට චීනය සෘජුව ප්‍රකාශ කර තිබේ. විශේෂයෙන්ම ස්ප්‍රැටල් හා පැරසල් දූපත්වල අයිතිය සම්බන්ධයෙන් චීනය පෙනී සිටින අතර ඇමෙරිකාව ඊට විරෝධය පළකරමින් එම කලාපය තුළ ඇමෙරිකානු නාවික මෙහෙයමු උත්සන්න කර තිබේ.

චීන ආර්ථික හා යුධ ශක්තිය දුර්වල කිරීමේ උත්සාහයෙන් ඇමෙරිකාව ආසියානු කලාපයට අයත් රටවල් යොදාගනිමින් තිබෙන අතර චීනය  සමග කලාපයේ රටවල් භේද කිරීම සඳහා මෙවැනි ගිවිසුම් යොදා ගැනීමට උත්සාහ කරයි. විශේෂයෙන්ම චීනයට පසුව ලෝකයේ නැගී එන ආර්ථිකයකට හිමිකම් කියන ඉන්දියාව යොදා ගැනීම තුළින් මේ බව වඩාත් හොදින් තහවුරු වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles