Thursday, October 24, 2024

චීන – ඇමෙරිකා අර්බුදය නැවත ඇවිලෙයි

ඇමෙරිකානු තඩ් මිසයිල පද්ධතියක් දකුණු කොරියාව තුළ ස්ථානගත කිරීමේ සූදානමත් සමග ඇමෙරිකා – චීන අර්බුදය නැවතත් උත්සන්න වීමට පටන් ගෙන තිබේ.

A.F.P පුවත් සේවය වාර්තා කරන්නේ  සියෝල් හා වොෂින්ටනයට නිසැක ලෙසම ඉදිරියේදී ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට චීනය අනතුරු අඟවා ඇති බවයි.

චීන විදෙස් අමාත්‍යංශයේ නිලධාරියෙකු වන ගෙන්ග් ෂුසාන් ප්‍රකාශ කර ඇත්තේ මෙම ඇමෙරිකානු තඩ් මිසයිල පද්ධතිය දකුණු කොරියාව තුළ ස්ථාපිත කිරීමෙන් කලාපයේ යුුද සමබරතාවය අභියෝගයට ලක් වන බවය.  ඊට මුහුණ දීම සඳහා චීනය නිසැකවම ක්‍රියාත්මක වන අතර එහි සියලු ප්‍රතිවිපාකයන්ගේ වගකීම ඇමෙරිකාව හා දකුණු කොරියාව බාරගත යුතු බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles