චීන ජනපතිට මෙරට ජනපතිගෙන් සුබපැතුම්

0
263
FILE PHOTO: China's President Xi Jinping gives a speech following a swearing-in ceremony to inaugurate the city's new leader and government in Hong Kong, China, July 1, 2022, Selim Chtayti/Pool via REUTERS/File Photo

තුන්වන ධුර කාලය සඳහාද තේරී පත්වූ චීන ජනාධිපති ෂී ජින්පිං වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක් කර තිබෙනවා.   

ෂී ජින්පිංගේ නායකත්වය යටතේ චීනය අත්කර ගෙන ඇති ප්‍රගතිය අගය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබ පැතුම් පළ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග හමුවේ  විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වූ ක්‍රියාවලියේදී චීනය දක්වන සහයෝගය අගය කළ ජනාධිපතිවරයා, දෙරටේ සහයෝගීතාව චීන ජනාධිපතිගේ  නව ධුරකාලය තුළ තව දුරටත් ශක්තිමත්ව වර්ධනය වනු ඇතැයි ද විශ්වාසය පළ කර තිබෙනවා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here