Saturday, September 21, 2024

චීන ජාතිකයින්ට සිනොෆාම් එන්නත ලබාදීම ඇරඹේ

චීනයෙන් මෙරටට ලැබුණු කොවිඩ් එන්නත අද (05) දිනයේ සිට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

කෙසේවෙතත් එම එන්නත් ප්‍රථමයෙන් මෙරට සිටින චීන ජාතිකයින්ට ලබාදීමට  නියමිතය.

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් නමැති මෙම එන්නතේ මාත්‍රා ලක්ෂ 6ක් පසුගිය 31 වැනිදා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.869 දරණ ගුවන් යානයෙන් මෙරටට ගෙනඑනු ලැබීය.

මෙම එන්නත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත චීන ජනාධිපති ෂී ජින් පින් මහතා විසින් මෙරටට ප්‍රදානය කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles