Sunday, December 22, 2024

චීන ටෙලිකොම් සමාගම් පාලනයට බයිඩන්ගෙන් නව නීතියක්.

චීනයේ හුවාවි සහ ඉසෙඩ්ටීඊ සමාගම් ඇමරිකාව තුළ ක්‍රියාත්මකවීම පාලනය කිරීම සදහා වන නව නීතියක් ඇමරිකාව විසින් හදුන්වා දී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජනාධිපති ජෝ බයිඩන් විසින් අත්සන් තබනු ලැබූ නව නීතියට අනුව අදාළ චීන සමාගම් දෙකට ඇමරිකාව තුළ නව උපකරණ සදහා බලපත්‍ර ලබාගැනීම අවහිර කොට ඇති බවයි.

ආරක්ෂක උපකරණ පණත ලෙස නම් කර ඇති මෙම නව නීතිය මගින් ඇමරිකාවේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි සමාගම් සදහා ඇමරිකානු විදුලි සංදේශ කොමිසම වළක්වා තිබේ.

චීනය මෙම ටෙලිකොම් සමාගම හරහා ඇමරිකාවේ දත්ත එක්රැස් කිරීම් සිදුකරන බවට කලක පටන්ම චෝදනා එල්ල වෙමින් පවතී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles