චීන ඩ්‍රෝන යානා හේතුවෙන් මැද පෙරදිග ආරක්ෂක අර්බුදයක්.

0
327

ඇතැම් මැද පෙරදිග රටවල් චීනයෙන් මිලදී ගත් නියමුවන් රහිත ඩ්‍රෝන යානා නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මැද පෙරදගි රටවල් රැසක ආරක්ෂක අර්බුද මතුව ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ,ඉරාක ගුවන් හමුදාව විසින් මිලදී ගෙන තිබූ චීනයේ නිෂ්පාදිත සීඑච්04එ වර්ගයේ යානා අතරින් 09ක්ම මේ වන විට ක්‍රියාත්මක නොවන බවයි.

මෙම යානාවලින් ඇතැම් ඒවා වැදගත් මෙහෙයුම් අතරතුර කඩා වැටී ඇතැයි ද සදහන් වේ.

මේ අතර ජෝර්දානය විසින් මිලදී ගත් සීඑච්04 වර්ගයේ ඩ්‍රෝන යානා 04ක්ද තාක්ෂණික ගැටලු සේවයෙන් ඉවත් කර තිබේ.

මේ අතර ඊජිප්තුව ,එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සවුදි අරාබිය යන රටවල්ද තමන් විසින් මිලදී ⁣ගෙන ඇති සීඑච්04 යානාවල මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here