චීන ණය පිටුපස ඇති යටි අරමුණ කුමක්ද ?

0
527

චීනය මෙරටට රාජ්‍ය ණය ලබා දීමේ පිටුපස ඇති යටි අරමුණ කුමක්දැයි වහා සොයා බැලිය යුතුබව සමගි ජනබලවේගය පවසනවා.

අද පෙරවරුවේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතායි මේ බව කියා සිටියේ.

චීනය විසින් ණය ලබා දුන් බොහෝ රටවලට එම ණය හිලව් කරගැනීමට ඒ ඒ රටවල් සතු වටිනා සම්පත්වලට අයිතිවාසිකම් පවසන බවයි හර්ෂ ද සිල්වා මහතා සදහන් කළේ.

මේ වන විට චීනයෙන් ලබා ගෙන ඇති රාජ්‍ය සහයෝගය මත මෙරටින් ලබා දීමට සිදුවන්නේ කුමක්දැයි සම්බන්ධයෙන් ගැඹුරින් සිතිය යුතු කරුණක් බවද හර්ෂ ද සිල්වා මහතා මෙහිදී කියා සිටියා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here