චීන බලපෑම්වලට එරෙහිව තායිවානයට සිය අඛණ්ඩ සහය ලබාදෙන බව ඇමරිකාව අවධාරණය කරයි.
ඇමරිකානු වෙළඳ ලේකම් ගීනා රයිමොන්ඩෝ මේ බව පවසා ඇත්තේ තායිවාන ආර්ථික සබදතා අමාත්‍ය වැන්ග් මෙයි හුවා සමග පැවති දුරකතන සාකච්ඡාවකදීය.
දෙරට අතර වන ආයෝජන අවස්ථා පුළුල් කිරීමටත්, ව්‍යාපාරික සබදතා තවදුරටත් වර්ධනය කිරීමටත් අවශ්‍ය උපරිම සහය ලබාදෙන බව රයිමොන්ඩෝ මෙහිදී සදහන් කර ඇත.
මෙම ආර්ථික සහයෝගීතාව චීනයෙන් එල්ල වන කුමනාකාරයේ තර්ජනයක් වුව කලමනාකරණය කර ගැනීමට ශක්තිය සපයනු ඇති බව දෙපාර්ශවයේම විශ්වාසය වී තිබේ.