චීන නායකයෙක් වසර 30කට පසුව බංග්ලාදේශ සංචාරයක

0
815

වසර 30කට පසුව චීන ජනාධිපතිවරයෙකු බංග්ලාදේශයේ සංචාරය කරමින් ෂි ජින්පින් ජනාධිපතිවරයා ඉතා කෙටි සංචාරයක් සඳහා එරටට පැමිණ තිබුණි.

චීන ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා බංග්ලාදේශ ජනාධිපති අබ්දුල් හමීඩ් ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි අතර, ඔහු එරට රැඳී සිටි දිනක කාලය තුළ ඇ.ඩො.බිලියන ගණනක ද්වීපාර්ශ්වික ගිවිසුම් රැසකට අත්සන් කිරීමට දෙරටටම හැකිවී ඇත.

මෙම ගිවිසුම් අත්සන් කිරීම චීන ජනාධිපතිවරයා හා බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා ඉදිරියේ සිදුකෙරුණු අතර, මූලික වශයෙන් බංග්ලාදේශයේ යටිතල පහසුකම් නැංවීම සඳහා වූ ව්‍යාපෘති රැසකට මුල්‍ය පහසුකම් ලබාදීම අරමුණු කර ඇත.

මෙම සංචාරයේදී චීන ජනපති ෂි ජින්පින් පවසා ඇත්තේ ඉපැරණි සේද වෙළෙඳ මාර්ගය යළි ස්ථාපිත කිරීමේදී බංග්ලාදේශයද අත්හළ නොහැකි පාර්ශ්වකරුවෙකු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here