චීන නැවකට මෙරටට ඇතුළුවීම තහනම් කෙරේ

0
281

අහිතකර බැක්ටීරියා අඩංගු යැයි තහවුරු වීමෙන් පසු ප්‍රතික්ෂේප කරන ලද පොහොර රැගත් චීන සමාගමේ පොහොර නෞකාවක් ඊයේ රාත්‍රියේ දී කොළඹ වරායට ඇතුළු වී ඇතැයි වාර්තා වේ.

ඒ බව චීන සමාගම් විසින් ආණ්ඩුවේ බලධාරීන්ට ලිඛිතව දැනුම් දී තිබේ.

අදාල පොහොර විෂ ද්‍රව්‍ය අඩංගු වෙන්නේ නැතැයි නැවතත් සිදුකරන ලද පරීක්ෂණවලදී තහවුරු වී ඇති බවත් ඇති නිසා එම පොහොර තොගය නැවත ගෙනවිත් ඇතැයිද එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

ඊට අදාළ ලිපි ලේඛනද සමාගම විසින් ඉදිරිපත් කර තිබෙන බවද සඳහන්ය.

නමුත් චීනයේ සිට හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙරටට රැගෙන එන ලද නෞකාව වරාය පරිශ්‍රයට ඇතුළු වීම වළක්වන ලෙස සියලු අංශවලට නියෝග කර ඇතැයි හාබර් මාස්ටර්වරයා පවසයි.
ශාක නිරෝධායන සේවය කොළඹ වරාය දැනුවත් කර තිබුණේ අදාළ නෞකාව කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20000 ක් සමග ඊයේ මෙරටට ළඟාවීමට නියමිතව තිබූ බවයි.

අදාළ නෞකාවේ අඩංගු පොහොරවල අහිතකර බැක්ටිරියා ඇති බව ද ජාතික ශාක නිරෝධායන සේවය වරාය දැනුවත් කර තිබේ.

ඒ අනුව, අදාළ නෞකාව කොළඹ වරාය සීමාවට ඇතුළු වී නොමැති බවත් නෞකාවේ පැමිණිම ගැන මෙතෙක් කිසිදු දැනුවත් කිරීමක් කර නොමැති බවත් හාබර් මාස්ටර්වරයා සඳහන් කළේ ය.

මේ අතර පසුගියදා අදාළ ආයතනයෙන් ලබාගත් පොහොර සාම්පලවල අර්විනියා නමැති බැක්ටිරියාව ඇති බවට අවස්ථා දෙකකදී තහවුරු වී තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here