චීන නැව අතුරුදන් වැඩේ සැකයි – නලින්ද ජයතිස්‌ස

0
306

සැබෑ නම වෙනස් කරමින් හම්බන්තොට වරාය ආසන්නයේ යාත‍්‍රා කරමින් තිබූ චීන කාබනික පොහොර නෞකාව ජාත්‍යන්තර නාවික සංඥා පද්ධතියෙන් අතුරුදන් වීම සැක සහිත බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා පැවසීය.

භාවිතයට නුසුදුසු යැයි ප‍්‍රතික්ෂේප කළ චීන කාබනික පොහොර පැටවූ නෞකාව ආපසු හරවා යවනවා වෙනුවට එය ලංකාවට පැමිණීමත් සැක සහිත ලෙස අතුරුදන් වීමත් පිටුපස අනිවාර්යයෙන්ම මෙරට දේශපාලන බලවේගයක් ඇති බව ඒ මහතා සඳහන් කළේය.

“ශාක නිරෝධායන මධ්‍යස්ථානය කළ පරීක්‍ෂණ දෙකකින් අසමත් වෙලා තියෙද්දිත් මේ චීන කාබනික පොහොර මෙරටට ගෙන්වීමට කෘෂිකර්ම ඇමැතිවරයා උත්සාහ ගන්නවා. රසායනික පොහොර ගෙන්වනවට වඩා කාබනික පොහොර ගෙන්වීම බරපතළයි. ක්‌ෂුද්‍ර ජීවීන් විශාල ප‍්‍රමාණයක් ඇතිවන කාබනික පොහොර ගැන අනිවාර්යයෙන්ම පරීක්‍ෂාවට ලක් කළ යුතුයි. එහෙම තියෙද්දී අනවසරයෙන් මේ නැව ලංකාවට ඇවිත් හැංගිමුත්තන් සෙල්ලම් කරනවා. ඒ අතර චීන තානාපති කාර්යාලය මහජන බැංකුව ‘බ්ලැක්ලිස්ට්’ දානවා. මේ සේරම මේ රටේ ප‍්‍රබලයින්ගේ කූට උපක‍්‍රම.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here