චීන නෞකාවේ පොහොර සාම්පල
යළිත් පරීක්ෂා කිරීමට සූදානම්…?

0
372

හානිකර බැක්ටීරියා වර්ග ඇතැයි හෙළිවීමෙන් ප්‍රතික්ෂේප කරන ලද  චීන සමාගමේ කාබනික පොහොර දෙපාර්ශවයටම පිලිගත හැකි ආයතනයකට යොමු කර නැවත පරික්ෂා කිරීමට එකඟ වූ බව කෘෂිකර්මා රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසයි.

අද (26) කොළඹ පැවති වැඩසටහනකදී පොහොර තොගය යළි පරික්ෂා කරන්න යැයි චීනය ඉල්ලීමක් කලේදැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව පැවසීය.

“අපි දෙපාර්ශවයටම බලපෑමක් නෙවෙයි. ඉල්ලීමක් කළේ, නැව හරවලා යවනවා අපි කෙලින්ම කිව්වා. ඒක මෙහෙ බාන්නත් එපා. මෙහෙ ගේනන්ත් බෑ කියලා, ඔවුන් ඉල්ලීමක් කළා ලොව පිළිත් ප්‍රධාන රටවල් 16කට පොහොර නිෂ්පාදනය කරන ආයතනයක්. ඒ නිසා මේකෙ ප්‍රමිතිය පිළිබඳව අපිට අවබෝධයක් ගන්න කියලා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here