චීන පොහොර තොගය තෙවන පාරශ්වයකින් පරීක්‍ෂා කර සුදුසු තීන්දුවක් ගන්නවා

0
306

ආන්දෝලනයකට තුඩු දී තිබෙන චීනයෙන් මෙරටට ගෙන්වන ලද කාබනික පොහොර තොගය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා චීන තානාපතිවරයා සමග අදහස් පල කර ඇත.

ඔහු සඳහන් කර ඇත්තේ එම පොහොර තොගයේ ප්‍රමිතිය පිළිබඳව දේශීය වෙනත් තෙවන පාර්ශවයකට පරික්ෂා කිරීමට ඉඩ දී ඒ අනුව තීරණය කිරීම සුදුසු බවයි.

එමෙන්ම දෙරට අතර පවත්නා මිත්‍රත්වයට හානියක් නොවන ආකාරයෙන් ගැටලුව විසඳාගත යුතු බවද අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන්නේ අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ කොළඹ සිටින චීන තානාපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී බවය.

කෙසේ වෙතත් එම සාකච්ඡාව පැවැත් වී තිබුණේ චීනයෙන් මෙරටට ස්වැප් පහසුකම යටතේ ලබා දීමට නියමිතව තිබූ ණය මුදලක් සම්බන්ධයෙනි.

පොහොර තොගය පිළිබඳ කාරණය වැඩිදුරටත් සොයා බලා චීන තානාපතිවරයා යලි සම්බන්ධ කර ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා පවසා ඇතැයි වාර්තාව තව දුරටත් කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here