චීන පොහොර නැවට මුදල් ගෙවන්න සූදානම්

0
480

ආන්දෝලනයකට ලක්ව තිබෙන මෙරටට ගෙන්වා ඇති පොහොර තොගය ගෙන්වන ලද චීන සමාගමට විවෘත කර ඇති ණයවර ලිපිය සඳහා ලියකියවිලි සම්පූර්ණ නම් මුදල් ගෙවීම සිදුවන බව මහබැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

ජාත්‍යයන්තර වෙළෙඳ ගනුදෙනු ජාත්‍යන්තර ප්‍රමිතින් මත සිදුවන නිසා ඒ අනුව ලියකියවිලි අංගසම්පූර්ණ නම් ගනුදෙනුව සිදුවන බවද ඔහු පැවසීය.

ඒ අනුව කටයුතු කිරීමට මහජන බංකු සූදානම් බවද පැවසූ කබ්රාල් මහතා අදාල ගෙවීම් නොකළේය මහජන බැංකුවේ වරදක් නිසා නොව නීතියෙන් පනවන ලද තහනමක් නිසා බවත් මෙම ගැටුම සම්බන්ධයෙන් මහජන බැංකුවේ සම්බන්ධයක් නැති බවත් පැවසීය.

අදාල ණයවර ලිපියට ඇමරිකානු ඩොලර් මිලියන නවයක් ගෙවිය යුතුව ඇති බවත් ගැටලුව විසඳාගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා දිගටම සිදුවන බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here