චීන බලධාරීන් වීඩියෝ කළාට ටිබෙට් වැසියන් 110දෙනෙකු අත්අඩංගුවට.

0
373
Mixed China and Tibet flag, three dimensional render, illustration

ටිබෙටයේ ලාසා නුවර පැවැති තුරග ප්‍රදර්ශනයකට එක්වූ චීන බලධාරීන් වී⁣ඩියෝ කිරීමෙි චෝදනාවකට ටිබෙට් ජාතිකයන් 110 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

එම නිලධාරින්ව වීඩියෝවලට හසුකර නොගන්නා ලෙස කළ දැනුම්දීම නොතැකීම නිසා මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව ටිබෙට් වොයිස් අන්තර්ජාල පුවත්පත වාර්තා කර තිබේ.

නියෝගය නොතකා කිසියම් පිරිසක් අදාළ නිලධාරින්වද වී⁣ඩියෝ ගත කළ බව නිරීක්ෂණය කළ බලධාරීන් උත්සවයට සහභාගී වී සිටි සියලුම පුද්ගලයන්ගේ දුරකතන අත්අඩංගුවට ගෙන පරීක්ෂා කර ඇතැයි පැවසේ.

අනතුරැව තහනම් වීඩියෝ අඩංගු බවට චෝදනා කොට දුරකතන 110ක හිමිකරැවන් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන්ගෙන් 80 දෙනෙකු එක් අයෙකුට යුවාන් පන්දහස බැගින් දඩ අයකරගෙන නිදහස් කර ඇතත් සෙසු 30 දෙනා තවමත් රදවාගෙන ඇතැයි වාර්තා වේ.

චීනය ,ටිබෙටය තුළ ජනතාවගේ නිදහස දැඩි ලෙස සීමා කර ඇති බවට දිගින් දිගටම චෝදනා එල්ල වන අතර, මෙම සිදුවීම ඊට ප්‍රබල උදාහරණයක් බව ටිබෙට් වොයිස් වැඩිදුරටත් සදහන් කර තිබේ

සබැඳිය
https://tibetpress.com/2021/08/18/110-tibetans-detained-for-taking-video-of-horse-festival/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here