Friday, January 24, 2025

චීන යටිතල පහසුකම් බැංකු වාර්ෂික සැසිය

චීන යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (Asian Infrastructure Investment Bank) පළමු වැනි වාර්ෂික සමුළුව අද (25දා) සහ හෙට යන දෙදින පුරා චීනයේ බීජිං නුවර වර්ල්ඩ් හොටෙල් හිදී පැවැත් වෙයි.

ආසියානු කලාපයේ සියලු ම රටවල මුදල් අමාත්‍යවරු සහභාගී වන මෙම සමුළුවට සහභාගී වීම සඳහා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඊයේ (24දා) චීන බලා පිටත්ව ගියේය. නියමිත ය.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ යෝජනාවකට අනුව 2014 වසරේ දී චීන යටිතල පහසුකම් ආයෝජන බැංකුව ස්ථාපනය කෙරිණි. ශ්‍රී ලංකාව එහි සමාරම්භක සාමාජිකයකි. බැංකුව පිහිටුවීමේ අරමුණ වූයේ ආසියාතික රටවල දීර්ඝ කාලීන ආර්ථික හා සමාජ සංවර්ධනය උදෙසා කලාපීය සහයෝගීතාව සුරක්ෂිත කිරීම මෙන්ම ඉදිරියේදී ඇති විය හැකි මූල්‍ය අර්බුදවලට සහ අනෙකුත් බාහිර මූල්‍ය කම්පනයන්ට එරෙහිව කලාපයක් ලෙස මුහුණ දීමට ශක්තිය ඇති කර ගැනීමයි.

බැංකුවේ ප්‍රථම බහුපාර්ශ්වික උපදේශක රැස්වීම 2014 ජනවාරි මස 24 වැනි දින චීනයේ බීජිං නුවරදී පැවැත්විණි. මෙම බැංකුව පිහිටුවීම සම්බන්ධව සිදුකෙරෙන බහුපාර්ශ්වික උපදේශක රැස්වීම් 5 ක් මේ වනවිට පවත්වා තිබේ. ශ්‍රී ලංකා රජයද මෙම බැංකුවේ ආරම්භක සාමාජිකයකු ලෙස සම්බන්ධවීම උදෙසා රටවල් 22ක් සමග අවබෝධතා ගිවිසුම්වලට එළැඹියේ 2014 වසරේ ඔක්තෝබර් මාසයේ දීය.

 

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles