චීන විදේශ ඇමති අද දිවයිනට..

0
333

චීනවිදේශ කටයුතු අමාත්‍ය වෑන් යි මහතා අද දිවයිනට පැමිණෙයි.

අද පස්වරුවේ ඔහු දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර  මහතා සහ චීන විදේශ අමාත්‍ය වෑන් යී මහතා අතර  ද්වීපාර්ශවික සාකච්ඡා අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

එම සාකච්ඡාවෙන් පසු අද රාත්‍රී වෑන් ඊ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

චීන විදේශ කටයුතු අමාත්‍යවරයා හෙට දිවයිනෙන් පිටත්වයාමට නියමිත අතර එදින පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගද  සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here