Thursday, January 23, 2025

චීන විදේශ ඇමැති හෙට දිවයිනට

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීරණය සම්බන්ධයෙන් ඊයේ (06) ගිවිසුමක් අත්සන් කිරීමත් සමඟ චීන විදේශ අමාත්‍ය වැන්ග් යි හදිසි නිල සංචාරයක් සඳහා හෙට (08) දිවයිනට පැමිණේ.

ඒ බව චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

ඉන්දියාව උපායමාර්ගික පැකේජ 4ක් තුළින් ලංකාව මත ආධිපත්‍යය පැටවීමේ කඩඉමක් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධ ගිවිසුම අත්සන් කිරීමෙන් සටහන් කර තිබේ. මෙම තත්වයට මුහුණදීම සඳහා චීන විදේශ ඇමතිවරයා හදිසියේ දිවයිනට පැමිණේ.

චීන-ශ්‍රිී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය සැමරීම ද ඊට සමගාමීව සිදු වන බව එහි සඳහන් වෙයි.

මේ අතර මෙරට සිටින චීන තානාපතිවරයා පසුගිය මාසයේ යාපනයේ සංචාරයක නිරත වෙමින් එහි වෙසෙන ජනතාවගේ යටිතල පහසුකම් සැපයීමේ ව්‍යාපෘති රැසක් ආරම්භ කළේය.

චීන විදේශ කටයුතු ඇමතිවරයා ආයෝජන යෝජනා රැසක් ඉදිරිපත් කිරීමට නියමිත බවද පැවසේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles