Saturday, December 28, 2024

චෝදනා 10ට වරදකරු වී ලක්ෂ 6ක් දඩ කයි

ඖෂධ නියාමන අධිකාරිය මගින් අනුමත නොකළ ඖෂධ වර්ගයක් මෙරටට ගෙන්වීමට තැත්කිරීමේ චෝදනාවට වරදකරු වූ ව්‍යාපාරිකයෙකුට කොළඹ මහාධිකරණය අත්හිටවු සිරදඞුවමක් හා රුපියල් ලක්ෂ හයහමාරක දඩයක් නියම කර තිබේ.

මෙලෙස දඞුවම් නියම කර ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

1993 වසරේ ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත නොකළ ඖෂධ වර්ගයක් මෙරටට ගෙන්වීමට තැත්කිරීම සම්බන්ධයෙන් චෝදනා 10ක් යටතේ අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

අදාළ චෝදනා 10ටම එම විත්තිකරු වරදකරු බවට ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරු පද්මිනි එන්.රණවක මහත්මිය චෝදනා 9ක් සඳහා එක් එක් චෝදනාවට වසර 10කට අත්හිටවු වසර 2ක සිරදඞුවම් නියම කර තිබේ.

ඊට අමතරව විනිසුරුවරිය විසින් අදාළ ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂ හයහමාරක දඩයක් ද නියම කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මෙය ඉතා බරපතළ වරදක් බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරිය ඒ අනුව උපරිම දඞුවම් ලබාදීමට සිදුවන බව ප්‍රකාශ කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles