ඡන්ද කල් දාන්නෙ ආණ්ඩුව පරදින බව දන්න නිසා – ලාල් කාන්ත

0
316

ආණ්ඩුව පළාත් පාලන ආයතන මැතිවරණය කල් දමන්නේ ජනතාවගේ සහයෝගය නැතිව පරදින බව දන්නා නිසා බව ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත පවසයි.

ණය බරට අමතරව තවත් ගැටලූ රාශියකට මුහුණපා සිටින ආණ්ඩුව දැන් බිත්තියටම හේත්තු වී තිබෙන බවත්, ජීවන වියදම් බරින් පීඩාවට පත්වී සිටින ජනතාවගේ සහයෝගය දැන් රජයට නොමැති බවත්  ලාල්කාන්ත මහතා සදහන් කරයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයත් මිල ඉහළ යෑමත් නිසා ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්වී සිටින බව පැවසූ ලාල්කාන්ත මහතා ලබන අවුරුද්ද ලංකාවාසීන්ට සාගත වර්ෂයක් වන බවත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here