ඡායා ඇමතිත් නොදන්න ඡායා කැබිනට්ටුව..

0
552

ඒකාබද්ධ විපක්ෂය විසින් පිහිටුවන ලද ඡායා කැබිනට්ටුව සම්බන්ධයෙන් තමන් විස්තර නොදන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්ෂ මහතා පවසනවා. රාජපක්ෂ මහතා ඡායා කැබිනෙට්ටුවේ ප්‍රවාහන හා ගුවන්සේවා අමාත්‍යවරයා ලෙස නම් කර තිබෙනවා.

ඡායා කැබිනෙට්ටුව යන්න විශේෂ දෙයක් හෝ අලුත් දෙයක් නොවන බවද ඔහු පැවසුවා.

ඒකාබද්ධ විපක්ෂය විසින් පිහිටුවන ලද ඡායා කැබිනට්ටුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ ඡායා කැබිනට්ටුවේ අග‍්‍රාමාත්‍යවරයා ලෙස තමන් පත්කර ඇත්තේ තමන්ගේ අනුමැතියක් නොමැතිව බවයි. තමන් එයින් ඉවත් වීමට තීරණය කළ බවද මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here