ජංගම දුරකථන, ශීතකරණ, රූපවාහිනී, ආදීවිදුලි උපකරණ ආනයනය නවතින ලකුණු..

0
383
තවත් සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය ක්‍රමිකව සීමා කිරීමට රජය තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

එහි දැක්වෙන්නේ ජංගම දුරකතන, රූපවාහිනී, අධිශිතකරණ ඇතුළු විවිධ උපකරණ හා සුවඳ විලවුන් වැනි දෑ ආනයනය නතර කිරීමට රජය සැලසුම් කර ඇති බවය.

විදෙස් සංචිත ශක්තිමත් කිරීම රජය මෙමගින් අපේක්ෂා කරන බව ද අදාළ වාර්තාවේ සඳහන් ය.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය.

ඔහු පැවසුවේ, මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවය.

ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කර තීරණයක් ගනු ඇතැයි ඔහු සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here