කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු මාධ්‍ය හමුවක දී විවේචනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාරට මහතාට එරෙහිව ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට සුදානමක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ ආරංචි මාර්ග පවසයි.
ඒ මාධ්‍ය හමුවක් කැඳවමින් පසුගිය දා ජගත් කුමාර මන්ත්‍රීවරයා විසින් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.
එහි දී එම ප්‍රකාශය කිසිසේත් අනුමත නොකරන බවත් මන්ත්‍රීවරයා පක්ෂයේ විනය කඩකරමින් කටයුතු කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පුද්ගලයින් දැනුවත් කර මන්ත්‍රීවරයාට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසා ඇත.
පසුගිය දා පාදුක්ක පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ස්ථාන මාරු කර ඒ වෙනුවෙට රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ ගාමිණී ලොකුගේ අමාත්‍යවරුන්ගේ දේශපාලන හිතවතෙකු ස්ථානාධිපතිවරයා ලෙස පත් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා කිරීම සම්බන්ධයෙන් අදාල තත්ත්වය උද්ගතව ඇත.