Tuesday, December 24, 2024

ජගත් කුමාර රත්‍රං බැන්ඳ අං ආපු කටුස්සෙක් – ගාමිණී ලොකුගේ

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත කුමාර මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් තමන් කණගාටුව ප්‍රකාශ කරන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

සරත් වීරසේකර මහතා විසින් පාදුක්ක කොට්ඨාසයේ පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථාන මාරු කර ඒ වෙනුවට ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාට හිතවත් අයෙක් පත්කර ඇති අතර එම පත්කිරීම සිදු නොකරන ලෙස පසුගිය දිනවල සරත් වීරසේකර අමාත්‍යවරයාට කිව්වද විසඳුමක් නොලැබුණු අතර එයට විසඳුමක් නොලැබුණහොත් තමන් පාදුක්ක සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ජගත් කුමාර මන්ත්‍රීවරයා මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙයට අද අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා තදබල ලෙස සිය අදහස දක්වා තිබුණු අතර ඉදිරියේදී සරත් වීරසේකර අමාත්‍යවරයාද සමඟ මාධ්‍ය හමුවේ කරුණු දක්වන බවයි ලොකුගේ අමාත්‍යවරයා පවසා තිබුණේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles