Saturday, September 21, 2024

ජගත් සංඥා භාෂා දිනය අදයි

ජගත් සංඥා භාෂා දිනය අදට (23) යෙදී තිබෙනවා.

මෙවර සංඥා භාෂා දිනය සැමරෙන්නේ “මානව හිමිකම් සඳහා සංඥා භාෂාව භාවිත කරමු“ යන තේමාව යටතේයි.

මෙවර සංඥා භාෂා දිනයට සමගාමීව සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ මැදිහත් වීම මත ‘ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ මාධ්‍ය සේවා කේන්ද්‍රයක්’ පිහිටුවීමට කටයුතු යොදා තිබෙනවා.

මෙය ලක්ෂ 4කට ආසන්න මෙරට වෙසෙන ශ්‍රවණ ආබාධිතයන්ගේ මානව අයිතිවාසිකම් සුරක්ෂිත කර සංවේදී සමාජයක් නිර්මාණය කිරීමට රජය ගත් සුවිශේෂ පියවරක් බව ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ පවසනවා.

එම සංගමයේ සභාපතිනි රසාංජලි පතිරගේ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනුයේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තියේ 33 වැනි වගන්තිය යථාර්තයක් බවට පත් කිරීමේ පියවරක් ලෙස ⁣ස්ථාපිත කළ මෙම මාධ්‍ය කේන්ද්‍රයෙන් බිහිරි ප්‍රජාව ඇතුළු සියලුම ආබාධ සහිත ප්‍රජාවගේ සන්නිවේදන හා තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කෙරෙන බවයි.

මෙම කේන්ද්‍රයෙන් සියලුම සන්නිවේදන අපහසුතා පවතින තැනැත්තන්ගේ අයිතිවාසිකම් පදනම් කරගනිමින් ඔවුන්ගේ අභිමානය සුරක්ෂිත කිරීමටත්, නිශේධනාත්මක සමාජ ආකල්ප ඉවත් කරමින් සියල්ලන්ගෙන්ම සමන්විත සදාචාරාත්මක මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට රජය පියවර ගැනීම අභිමානයට කරුණක් බව ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles