“ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලිය හැකිනම් ජාතික සමගිය ඇති කිරීම අපහසු නොවේ” – අගමැතිතුමා

0
583

ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලිය හැකිනම් ජාතික සමගිය ඇති කිරීම අපහසු කාරණයක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

නැගෙනහිර පළාත් සභාවේ පැවති රැස්වීමක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

නැගෙනහිර පළාතේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් මෙම රැස්වීම කැඳවා තිබුණා.

නැගෙනහිර පළාත් සභාවේ පැවති මෙම රැස්වීමට නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා ඇතුළු පළාත් සභා නියෝජිතයින් පිරිසක් සහභාගී වුණා.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here