ජනතාවගේ හැසිරීම අන්තිමයි – හමුදාපති

0
599

අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා සංචරණ සීමාවේ ලිහිල් කල අද දිනයේ බොහෝ පිරිසක් හැසිරුණු ආකාරය ගැන සතුටු විය නොහැකි බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එනිසා ඉදිරියේදී වෙළඳසැල් විවෘත කිරීම වෙනුවට විකල්ප ක්‍රියා මාර්ගයකට යොමු වීමට සිදු වනු ඇතැයිද ඒ මහතා කීය.

ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ ජංගම රථ යොදවා බෙදාහැරීමේ වැඩපිළිවෙළට ඉදිරියේදී යොමු වීමට සිදු වනු ඇතැයි ද ඔහු පැවසීය.

තමන්ට ආසන්න වෙළඳසැලෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට දුන් අවස්ථාව ඇතැමුන් අවභාවිත කළ ආකාරයක් පෙනෙන්නට ඇතැයි ද පැවසූ ඔහු ජනතාව මෙලෙස අවිචාරවත් ලෙස කටයුතු කිරීම නිසා අහිතකර ප්‍රතිඵල ලැබෙනු ඇතැයිද කියා සිටියේය.

එමෙන්ම මෙවන් හැසිරීම් හේතුවෙන් කොරෝනා පැතිරීම වැඩි විය හැකි යැයි ද ඔහු තවදුරටත් අනතුරු ඇඟවීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here