ජනතාවට කාර්යක්ෂම සේවයක් ලබා දිය යුතුයි – අගමැති

0
319
ජනතාව සඳහා කාර්යක්ෂම හා පලදායී සේවාවක් ලබා දීමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතු යැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ, සේවා නියුතිකයින්ගේ භාර අරමුදලේ (ETF) වර්තමාන තත්ත්වය පිළිබඳව අරලියගහ මන්දිරයේ දී ඊයේ (11) පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම කරුණු අවධාරණය කළ බවයි.

සේවා සපයන ආයතන වෙතට පැමිණෙන සේවාදායකයින්ගේ අවශ්‍යතාව අනුව මැදිහත්වී කඩිනමින් අදාළ මගපෙන්වීම් සිදු කිරීමටත්, කාර්යක්ෂමව අදාළ සේවාව ලබා දීමටත් කටයුතු කළ යුතු යැයි, අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

ඒ සඳහා ආයතන ප්‍රධානීන්ගේ මගපෙන්වීම නිලධාරීන්ට ලැබිය යුතු බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා ජනතා සේවය වගකීමක් මෙන්ම යුතුකමක් බව ද සිහිපත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here