රට ගොඩනැගීමට තිබෙන බාධකය ලෙස තමන් වහන්සේ දකින විශාලතම බාධකය නම් ජනතාවට ලැබී ඇති නිදහස බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් පවසනවා.
ඊයේ (19) මහනුවරදී මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ ආඥාදායකත්වය පිළිබඳ බොහෝ දෙනෙක් විවේචන එල්ල කළ ද රටේ දියුණුව සඳහා ජනාධිපතිවරයාට ඇතැම් අවස්ථාවලදී දැඩි තීන්දු තීරණ ගැනීමට සිදුවන බවයි.