ජනතාව අපහසුතාවයට ලක් නොකරන්නැයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් දෙයි.

0
600

ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයෙන් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාවට නංවන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ පාර්ශව වෙත අද උපදෙස් ලබා දුන්නා. ඒ, මාතර වැල්ලමඩම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්.

එහිදී අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නේ එන්නත්කරණ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසටයි. මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ එන්නත්කරණ මධ්‍යස්ථානයේදී රාජ්‍ය නිලධාරීන්, පළාත් පාලන ආයතනවල සනීපාරක්ෂක කම්කරුවන්, සෞඛ්‍ය නොවන අත්‍යවශ්‍ය සේවා නිළධාරීන් ඇතුලු පිරිසක් එන්නත් ලබාගත් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here