ජනතාව පෝලිමේ තියන්න අපිට සිද්ධ වුණා

0
304

අපි බලාපොරොත්තු වුණු වේගයට රට ගෙනයන්න බැරි වුණු බවත් අකමැත්තෙන්වුවත් බඩු මිල වැඩි කරන්න සිදුවූ බව හා ජනතාව පෝලිමේ තියන්න සිදුවූ බවත් රජයේ කැබිනට් ප්‍රකාශක හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ (15) අම්බලන්ගොඩ මාදම්පාගමදී කීවේය.

එහිදී තව දුරටත් කතා කළ පතිරණ මහතා මෙසේද කීවේය.

අපිට අවශ්‍යව තිබූ වේගයෙන් රට ඉදිරියට ගෙනියන්න බැරිවුණා.මේ ගෝලීය වසංගතයත් එක්කයි එහේම සිද්ධවුණේ.මොනම රජයක්වත් කැමති නැහැ බඩුමිල වැඩි කරන්න.මොනම රජයක්වත් කැමති නැහැ ජනතාව පෝලිම්වල ඉන්දන්න.නමුත් අපිට අකමැත්තෙන් වුවත් සිද්ධවුණා බඩු මිල වැඩි කරන්න ජනතාව පෝලිම්වල ඉන්දන්න.අපි ඒවා පිළිගන්නවා.ඒ ගැන කණගාටුවෙනවා යයි ද වෛද්‍ය පතිරණ මහතා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here